අධ්‍යාපනයේ නිදහස උපනූපන් දරුවන්ගේ අයිතියකි
උසස් පෙළ විභාගයෙන් සමත්වන, උසස් අධ්‍යාපනයට සුදුසුකම් සපුරාලන සියලූ දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට අයිතිය ඇත.
උසස් අධ්‍යාපනයට වරම් ලබන සියලූ සිසුන්හට උසස් අධ්‍යාපන වරම් ලබා දීමට ආණ්ඩුවට නොහැකිය. එබැවින් පෞද්ගලික විශ්ව විද්‍යාල අත්‍යාවශ්‍යය.
අද වන විට ලංකාවේ වෛද්‍ය උපාධිය හැර අනෙකුත් සියලූම උපාධි ලබාදෙන පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි වී ඇත. වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට වරම් නොලැබූ සැලකිය යුතු පිරිසක් තම දෙමාපියන්ගෙන් වෙන්ව විදේශ රටවල ප‍්‍රමිතියකින් තොර උපාධි ආයතනවලින් අනේක දුක් විද වෛද්‍ය විද්‍යාව හදාරන බව ඔබ දන්නේද?
අපට පෞද්ගලික විශ්ව විද්‍යාල සහ වෛද්‍ය විද්‍යාල අවශ්‍යවන්නේ ඇයි?
අප රට පූර්ව ළමාවිය සංවර්ධනය හෙවත් පෙර පාසල් අධ්‍යාපනය ලබාදෙන්නේද පෞද්ගලික අංශයෙනි.
රජයේ පාසල්වලට ඇතුලත් වීමට නොහැකි දරුවන් විශාල සංඛ්‍යාවක් ජාත්‍යන්තර පාසල් වල ඉගෙනුම ලබයි. ඒවායේ ඉගෙනුම ලබන සියලූම දරුවන් ධන කුවේරයන්ගේ දරුවන් නොවේ. ඒ දරුවන්ට උසස් අධ්‍යාපනය සදහා අවස්ථා තිබිය යුතු නොවේද ?
තවද රජයේ පාසල්වල අධ්‍යාපනය ලබා උසස් පෙළ ඉහලින් සමත් එහෙත් දිස්ත‍්‍රික් පදනම මත රජයේ වෛද්‍ය විද්‍යාලයට යාමට නොහැකි රටේ ප‍්‍රදාන නගරවල පාසල් වල අධ්‍යාපනය ලබන සිසුන්හට උසස් අධ්‍යාපනය ලබා ගැනිමට විශ්ව විද්‍යාලයක් තිබියයුතු නොවේද? තවද එම සිසුන්ගෙන් පිරිසකට ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් 20%ක පමණ ශිෂ්‍යත්වය ලබාදෙන බව ඔබ දන්නවාද?
වර්තමානයේ පෞද්ගලික විශ්ව විද්‍යාලවල වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරිම වැලක්වීමට නොයෙක් සංවිධාන උපක‍්‍රමශිලීව කටයුතු කරමින් සිටින බව අප කවුරුත් දන්නා රහසකි.
නමුත් අප ශිෂ්‍යයන් විදේශ රටවලට ගොස් වෛද්‍ය විද්‍යාව හදාරා ලංකාවට පැමිණිවිට ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ වන කණ්ඩායම් මෙම විදේශ වෛද්‍ය උපාධිධාරීන්හට මෙරට තුල පුහුණුව ලබාගැනිමට කිසිම බාධාවකින් තොරව ඉඩ සලසාදී ඇත.
ගුවන් නියමුවන්, ඉංජිනේරුවන්, වරලත් ගණකාධිකාරීවරුන්, තොරතුරු තාක්‍ෂණවේදීන්, නීතීඥයන් සහ වාස්තු විද්‍යාඥයන් ඇතුළු ඉහළම වගකීම් වෘත්තිකයන් සැලකියයුතු පිරිසක් රට තුළ පවතින පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් උපාධි ලබා අති සාර්ථකව ශ‍්‍රී ලංකාව තුල සහ විදේශ රටවල සේවය කරමින් සිටියි.
ශ‍්‍රී ලංකාවේ සිටින කීර්තිමත් වෛද්‍යවරුන්ගේ දරුවන්ද SAITM වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබති. ඒ වෛද්‍යවරුන් තම දරුවන් සයිටම් ආයතනයෙන් අධ්‍යාපනය ලබාදී වෙරදරන්නේ වෛද්‍ය වෘත්තියේ ප‍්‍රමිතිය හැල්ලූ කිරීමටද? එය කිසිසෙත් එසේ නොවේ.
වෛද්‍යවරුන්ගේ සැබෑ මතය කුමක්ද?
බහුතරයක් රජයේ වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට විරුද්ධ නොවන අතර අතලොස්සක් පමණ වන රජයේ වෛද්‍ය සංගමයේ සාමාජිකයන්ගේ කුහක මතය පමණක් සමාජගත කරමින් සිටියි. මෙම කුහක මතය දරන වෛද්‍යවරුන් අවස්ථාවාදීන් වන අතර ප‍්‍රසිද්ධියේ නොපැවසුවත් ඔවුන් සමහර දේශපාලන පක්‍ෂවල අතකොලූ බව නොරහසකි.
SAITM වෛද්‍ය විද්‍යාලය නිීතිගත ආයතනයක්ද?
අධිකරණය මගින් මෙම ආයතනයට විරුද්ධව ඇති සියළු මතයන් තෙවතාවක් බිදදමා නීතිගත ආයතනයක් බව සනාථ කර ඇත.
SAITM වෛද්‍ය විද්‍යාලය තුල අධ්‍යාපනය ලබන්නේ අඩු සුදුසුකම් ඇති දරුවන්ද?
මෙම ආයතනයේ අධ්‍යාපනය ලබන්නේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ නිර්ණායකයන් අනුව සමත්වූ දරුවන්ය.
මොවුන් බදවා ගැනීමේදී විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සම්මුඛ පරීක්‍ෂණයක් මගින් තෝරාගෙන ඇත.
සයිටම් ආයතනය නිසා රජයේ විශ්ව විද්‍යාල වලට ගිය අමතර සිසුන් ගණන 400කට ආසන්න සංඛ්‍යාවකි. මෙහි අධ්‍යාපනය ලබන දරුවන් අතර රජයේ විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලැබූ දරුවන් 400ට ආසන්න ප‍්‍රමාණයක් දන්ත, පශු, ජීව විද්‍යා, පරි පූර්ක වෛද්‍ය ශිෂ්‍යයන් වන අතර, ඔවුන් SAITMයට ඇතුලත් වු නිසා තවත් සිසුන් 400කට රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුල් වීමට වරම් ලැබ ඇත.
අවාසානාවන්ත කාරණය වනුයේ එම අවස්ථාව ලබාගත් සිසුන්ද මෙම ආයතනයට විරුද්ධව සටන් කිරිමට පෙළබී සිටීමය.
SAITM වෛද්‍ය විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය
රජයේ බොහෝ විශ්ව විද්‍යාලවලට වඩා SAITM ආයතනයේ ආචාර්ය මහාචාර්ය්‍යවරුන් සංඛ්‍යාව ප‍්‍රමාණාත්මකව ඉතා ඉහලය.
එසේ නම් මෙහි ප‍්‍රමිතිය ප‍්‍රශ්ණයක් වන්නේ කෙසේද?
SAITM විෂය මාලාව අනෙකුත් රජයේ වෛද්‍ය විද්‍යාල වල විෂය මාලාවට සෑම අතිනම සමානබව ඔබ දන්නේද?
SAITM වෛද්‍ය සිසුන්ගේ දෙමාපියන් ධන කුවේරයන්ද?
මෙම දරුවන්ගේ දෙමාපියන් බහුතරයක් රාජ්‍ය සේවකයන් හා මධ්‍යම පාන්තිකයන්ය.
ප‍්‍රමිතිය ගැන කථා කරන වෛද්‍ය සංගමයේ සාමාජිකයින්
එහි ප‍්‍රමිතිය වැඩිකිරීමට උදව් කළාද?
GMOA රෝහල්වලට ගොස් සායනික පුහුණුව කඩාකප්පල් කිරිමට උපරිම උත්සාහයක් ගන්නා බව ඔබ දන්නේද?
උදා:- හෝමාගම රජයේ රෝහල සයිටම් ශික්ෂණ රෝහල් ලෙස දියුණුකර වෛද්‍ය සිසුන් පුහුණුව සදහා යොදා ගැනීමට ගත් උත්සාහය ව්‍යයාර්ථ කර දැමුවේ මෙම වෛද්‍ය සංගමයේ සාමාජිකයින් පිරිසකි. එසේ කළ ඔවුන් SAITM දරුවන්ගේ ප‍්‍රමිතිය ගැන කථා කිරීම සාධාරණද?
මෙසේ කිරීමෙන් හෝමාගම අවට මහජනතාවට ලබා ගැනීමට තිබූ ප‍්‍රතිලාභය නැති කලේ කවුද?
ශ්‍රේෂඨාධිකරණ තීන්දුවක් මගින් SAITM දරුවන්ට සායනික පුහුණුව ලබා ගැනීමට ගිය අවස්ථාවේදී රෝහල් ඉදිරිපිට නින්දිත ලෙස උද්ගෝශණ පවත්වමින් විරුද්ධතාවය දැක්වූයේ කවුද?
දරුවන්ගේ ප‍්‍රමිතිය ගැන කථා කරන GMOA සාමාජික පිරිසක් මෙම සිසුන්ගේ සායනික පුහුණුව කඩාකප්පල් කිරිමට උත්සහ කලේ කවර සංවිධානයක උවමනාවකටද?
වෛද්‍ය සභාවට SAITM දරුවන්ගේ ප‍්‍රමිතිය වැඩිදියුණු කිරීම අවශ්‍යව තිබුනේනම් මෙම GMOA සාමාජික පිරිසකගේ කුහක ක‍්‍රියාකාරීත්වය නවතා දැමීමට කටයුතු නොකලේ මන්ද?
වෛද්‍ය සභාව(SLMC) GMOA බළල් අතක් ද?
ස්වාධීන යැයි කියා ගන්නා මෙම වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය වැඩි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා ඉදිරිපත් නොකරන්නේ මන්ද?
වෛද්‍ය මණ්ඩලයේ තිබුණු යෝජනා වෙනස් කොට මෙම වෛද්‍ය ශිෂ්‍යන්ගේ ලියාපදිංචිය නොකරන ලෙසට සෞඛ්‍ය ඇමැතිතුමාට යෝජනා කලේ ඔවුන් තුල තිබෙන කුහකකම මිස ඔවුන් කියා ගන්නා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය නිසා නොවන බව නොවනුමානය.
මෙමගින් SLMC එක GMOA බළල් අතක් වී ඇති බව සනාථවේ.
රටේ ජනතාවගේ සෞඛ්‍ය අයිතිවාසිකම්
නිර්දේශ අනුව වෛද්‍යවරුන් 40,000 පමණ අවශ්‍යව සිටියදී රජයේ වෛද්‍ය ශිෂ්‍යයන්ට අමතරව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මගින් වෛද්‍යවරුන් බිහිකිරීමට ගන්නා උත්සහය ව්‍යයාර්ථ කිරිමට GMOA උත්සහ කරන්නේ මන්ද?
KDU වෛද්‍ය පීඨයේ විදේශික දරුවන්ට මෙම උපාධිය ලබාදීමේදී සායනික පුහුණුව ලබාදෙන්නේ ලංකාවේ රජයේ රෝහල්වලය. මෙහිදී GMOA, KDU අධ්‍යාපනය ලබන විදේශ වෛද්‍ය ශිෂ්‍යයන්හට රජයේ රෝහල්වලට සායනික පුහුණුව ලබාදී අපේ දරුවන්ට රජයේ රෝහල් වල පුහුණුව ලබා දීමේදී විරුද්ධ වන්නේ ඇයි?
අන්තරේ විරෝධය නිදහස් අධ්‍යාපනය රැක ගැනීමටද?
අන්තරේ ළද බොළද දරුවන් නිදහස් අධ්‍යාපනය පිළිබද හරි වැටහීමක් නැතුව, බහුතරයක් විශ්ව විද්‍යාල සිසුන් අතර සිටින අතලොස්සක වන අන්තගාමී දේශපාලය පක්‍ෂවල සාමාජිකයන් විසින් බලහත්කාරයෙන් සෑම පීඨයකම සිටින සිසුන් වීදි සටන්වලට යොමුකොට නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂා කරන මුවාවෙන් තම දේශපාලන පටු අරමුණු ඉටුකර ගැනීම සදහා අහිංසක විශ්ව විද්‍යාල දරුවන් ඉත්තන් බවට පත්කර ගෙන ඇත.
මෙම ළමා සමාජවාදීන් නිදහස් අධ්‍යාපනය සහ නොමිලේ අධ්‍යාපනයේ වෙනස නොදනී.
නිදහස් අධ්‍යාපනය යනු
සැමට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය
සුරක්‍ෂිත කිරීමයි.