ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු සිටින්නේ 1300 දෙනෙකුට එක් අයෙක් පමණි. මෙය ලෝකයේ අනෙක් බොහෝ රටවල් හා සැසඳීමෙදී ඉතාම අඩු වෛද්‍යවරු ප්‍රමාණයකි. මේ නිසා ඉතා අසාධාරණ ලෙස ඒකාධිකාර්යක් නිර්මාණය කරගනිමින් සිය කේවල් කිරීමේ හැකියාව ඉහලම අගයක තබා ගැනීමට වෛද්‍ය සංගම් සහ වෛද්‍ය වෘත්තීය සමිති උත්සාහ ගනී. අලුතෙන් වෛද්‍යවරු ක්ෂේත්‍රයට එක්වීම සිය ඒකාධිකාර්ය පවත්වාගෙන යාමට මරු පහරකි. මේ හේතුව නිසා වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක භාවය රැකගැනීමට සිටින සංවිධාන යයි කියා ගන්නා මෙම මාෆියා කණ්ඩායම් සිය ඒකාධිකාර්ය පවත්වා ගැනීමට අසරණ ඔබ වැනි මහජනතාගේ ජීවිත බිල්ලට ගනිමින් බොරු කටකතා ගොතමින් ගෙනයන කුහක ක්රියා මාර්ගය දෙස සාවදානව බලන්න.
- රජයේ විශ්වවිද්‍යාල වල අසරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොරු කියා උසි ගන්වමින් තම පටු අරමුණු මුදුන් පමුණුවාගැනීමට වෙරදරණ බංකොලොත් දේශපාලන පක්ෂවල ක්‍රියාකළාපය දෙස සාවදානව බලන්න.
- සයිටම් ආයතනයෙන් අරඹා ලංකාවේ සියලුම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන එකින් එක විනාශකර වසාදමන්නට සැරසෙන මේ කුමණ්ත්රණය දෙස සැලකිලිමත්ව බලන්න.
- වසරකදී උසස්පෙළ සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා එහෙත් රජයේ විශ්වවිද්‍යාල වලට ඇතුලත්වීමට ඉඩපහසුකම් නොමැතිවන ලක්ශයකට අධික සිසු සිසුවියන්ගේ අනාගතය මොවුන් විනාශ කර දමන්නට සැරසෙන ආකාරය බලන්න.
දයාබර අම්මේ තාත්තේ ඔබේ දරුවාටත් යම් දිනෙක මේ ඉරණමට මුහුණ දීමට සිදුවනු ඇත.
දයාබර සොයුර සොයුරිය දිනෙක ඔබට හෝ ඔබගේම සොයුරු සොයුරියන්ට මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වීමට සිදුවිය හැක.
මේ අසාධාරණයට එරෙහිව නැගී සිටිමු.
නිදහසේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් නැගී සිටිමු.
අධ්‍යාපනයේ නිදහස සුරැකීමට එක් වෙමු!
සයිටම් ආයතනයේ ඉහල ප්‍රමිතියෙන් යුත් වෛද්‍යවරු බිහි කිරීමේ වැඩපිළිවෙලත් එහි අධ්‍යාපනික වැඩසටහන්, පීඨ සහ පහසුකම් සම්බන්ධයෙන් නිතර අසන ප්‍රශ්න පිළිබඳව ඔබගේ අවධානයට යොමු කිරීමට අප මෙය අවස්ථාවක් කර ගන්නා අතර, බොරු වලට නොරැවටී සත්‍යය දැනගැනීමේ බුද්ධිමත් ඔබේ අයිතිය අපි මෙයින් තහවුරු කරන්නෙමු.
වසර 2008 දී මාලබේ පිහිටුවනු ලැබූ සයිටම් (SAITM) 2009 වසරේදී සිසු සිසුවියන් සඳහා එහි දොර විවෘත කළේය. මේ වන විට එය පීඨ පහකින් සමන්විතයි. වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, කළමනාකරණය හා මූල්‍ය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා මාධ්‍ය සහ සම සෞඛ්‍ය හා චර්යා විද්‍යාව වෙනුවෙන් එම පීඨ කි්‍රයාත්මක වේ. සයිටම් (SAITM) යනු උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම (UGC) විසින් පිළිගනු ලබන මෙරට පිහිටි ප්‍රධාන උසස් අධ්‍යාපන ආයතන වලින් එකකි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂිත බලධාරියා (Specified Authority) ලෙස දැනට නම්කර අත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයායි. සයිටම් ආයතනය විසින් උපාධි ප්‍රදානය කරනුයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂිත බලධාරියාගේ අනුමැතිය ඇතුවය. එහි සියළුම පීඨවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 1,000කට අධික පිරිසකි. මෙයට අමතරව සිසුන් 400 කට වැඩි ප්‍රමාණයක් අප ආයතනය හා අනුබද්ධිත විදේශීය උසස් අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා මගින් ඉංජිනේරු සහ අනෙකුත් විෂය ධාරාවන් යටතේ උපාධි පාඨමාලා හදාරා දැනට ලංකාවේ සහ විදේශයන්හි රැකියා අවස්ථා ලබාගෙන ඇත.
දයාබර අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය
මැදහත් සිතින් මදක් කල්පනා කර බලන්න,
- වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක භාවය රැුකගැනීමට සිටින සංවිධාන යයි කියා ගන්නා මාෆියා කණ්ඩායම් සිය ඒකාධිකාර්ය පවත්වා ගැනීමට අසරණ ඔබ වැනි රෝගී ජනතාව බිල්ලට ගනිමින් ගෙනයන කුහක ක්රියා මාර්ගය දෙස සාවදානව බලන්න
- රජයේ විශ්ව විද්‍යාල වල අසරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොරු කියා උසි ගන්වමින් තම පටු අරමුණු මුදුන් පමුණුවාගැනීමට වෙරදරන බංකොලොත් දේශපාලන පක්ශවල කල්ක‍්‍රියාව දෙස සාවදානව බලන්න
- සයිටෙම් ආයතනයෙන් අරඹා ලංකාවේ සියලූම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන එකින් එක විනාශකර වසාදමන්නට සැරසෙන මේ කුමණ්ත්රණය දෙස සැලකිලිමත්ව බලන්න
- වසරකදී උසස්පෙළ සමත්ව විශ්ව විද්‍යාල ප‍්‍රවේශයට සුදුසුකම් ලබා එහෙත් රජයේ විශ්වවිද්‍යාල වලට ඇතුලත්වීමට ඉඩපහසුකම් නොමැතිවන අපමණ සිසුසිසුවියන්ගේ අනාගතය මොවුන් විනාශ කර දමන්නට සැරසෙන ආකාරය බලන්න
දයාබර අම්මේ තාත්තේ ඔබේ දරුවාටත් යම් දිනෙක මේ ඉරණමට මුහුන දීමට සිදුවනු ඇත.
දයාබර සොයුර සොයුරිය දිනෙක ඔබට හෝ ඔබගේම සොයුරු සොයුරියන්ට මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වීමට සිදුවිය හැක.
මේ අසාධාරණයට එරෙහිව නැගී සිටිමු නිදහසේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් නැගී සිටිමු අධ්‍යාපනයේ නිදහස සුරැුකීමට එකා මෙන් එකට එක් වෙමු.
මෙම Blog අවකාශය තුළින් අප ඔබව සත්‍ය පිළිබඳව අදාළ ලිපිගොනු සමඟින් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.