වෛද්‍ය විද්‍යාව, ශල්‍ය වෛද්‍ය විද්‍යාව, ප‍්‍රසව හා නාරිවේද විද්‍යාව හා ළමා රෝග විද්‍යාව සඳහා නියමිත සායනික පුහුණුව සපයනු ලබන්නේ වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු ශික්ෂණ රෝහල විසින් වන අතර, එම එක් එක් ක්ෂේත‍්‍රය සඳහා ඇඳන් 100කින් සමන්විත මහාචාර්ය ඒකක ද පවතී. මනෝ චිකිත්සාව (Psychology), හෘද රෝග චිකිත්සාව (Cardiology), විකිරණවේදය (Radiology), ඇස-කණ-නාසය(ENT), ඇතුළු අනෙකුත් සියළු අංශ තුළ සායනික පුහුණුව සඳහා ද එම රෝහලෙන් පහසුකම් සැපයේ. එහි ඇති රෝග විනිශ්චය සඳහා තිබෙන නවීනතම උපකරණ අතර සීටී (CT) සහ එම්ආර්අයි (MRI) ස්කෑන් තාක්ෂණය ද වේ.
ඊට අමතරව, පෞද්ගලික රෝහල්, කඩුවෙල ප‍්‍රජා සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා අවිස්සාවේල්ල මූලික රෝහල විසින් පිළිවෙලින් ප‍්‍රජා වෛද්‍ය විද්‍යාව සහ අධිකරණ වෛද්‍ය විද්‍යාව සඳහා ලබා දෙන සායනික පුහුණුව ප‍්‍රමාණවත් වන අතර, සයිටම් වෙතින් උපාධිය ලබන සිසු සිසුවියන්ට සීමාවාසික වෛද්‍යනිලධාරීන් ලෙසින් තම රාජකාරි ඉටු කිරීම සඳහා ප‍්‍රමාණවත් ලෙසින් හැකියාව පවතී.
බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සමඟ සයිටම් 2011.04.27 දාතමින් යුත් අවබෝධතා ගිවිසුමකට එළැඹ, කලින් ගිවිසගත් රෝහල්වලට අප සොහොයුරු සිසු සිසුවියන් යවනු ලැබූවද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් විසින් පැවැත්වුණු උද්ඝෝෂණ නිසා ඔවුන් නීතිවිරෝධීව හා අනිසි ලෙසින් නැවත හරවා එවනු ලැබීය. සයිටම් හි සිසු සිසුවියන්ට එම රෝහල්වලදී පුහුණුව ලබා දීමට අවසර දීම ප‍්‍රතික්ෂේප කළ එම සංගමය වැඩ වර්ජනය කරන බවට අනතුරු අඟවා සිටි අතර, ශිෂ්‍ය සංගම් හා එක්ව විරෝධතා ද පැවැත්වීය.
රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ අසාධාරණ හා වෙනස් ලෙස සැලකුමට ලක් වූ සයිටම් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කළේ, S C Appl. No:208/2014 දරන පෙත්සම හරහායි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එළඹී තීරණයට අනුව, රාජ්‍ය රෝහල්වලදී පුහුණුව ලැබීමට සයිටම් හි සිසු සිසුවියන්ට ඇති අයිතිය සහතික කෙරිණි.
රජයේ රෝහල්වල පුහුණුව ලබන සෑම සිසු සිසුවියක සඳහාම රජයට ගෙවීම් සිදු කරන බව සයිටම් අවධාරණය කර සිටී. මේ වන විට පහත සඳහන් රාජ්‍ය රෝහල්වලදී සිසු සිසුවියන් පුහුණු කටයුතු සඳහා සහභාගී වේි.
- අධිකරණ වෛද්‍ය විද්‍යාව, - අවිස්සාවේල්ල මූලික රෝහල
- ප‍්‍රජා වෛද්‍ය විද්‍යාව සඳහා වන ක්ෂේත‍්‍ර වැඩ කටයුතු - කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
- මානසික සෞඛ්‍යය (පුනරුත්ථාපනය ද ඇතුළුව) - මනෝ චිකිත්සා ඒකකය, අවිස්සාවේල්ල මූලික රෝහල
තම සිසු සිසුවියන්ට වැඩිදුරටත් රාජ්‍ය රෝහල් වල ප‍්‍රායෝගික සායනික පුහුණුව ලබා දීම සඳහා තවත් රාජ්‍ය රෝහල්වලින් ඉඩකඩ ලබා දෙන්නේ නම් සයිටම් එය ඉතා කැමැත්තෙන් භාර ගනී. රාජ්‍ය රෝහල්වලදී ලබා ගන්නා එම පුහුණුව සඳහා ගෙවීම් සිදු කරන අතර, එවැනි ගෙවීම් අප‍්‍රමාදව සිදු කර ඇති බවත්, ඉදිරියේදී ද එය එසේම සිදු වනු ඇති බවත් සයිටම් මෙහිදී අවධාරණය කර සිටී.