Tuesday, January 24, 2017

ආදරර්‍ණය නංගියේ මල්ලියේ..

ආදරර්‍ණය නංගියේ මල්ලියේ..

ඔබගේ මේ වෑයම සහ එ්කායන පරමාර්ථය නම් උසස් පෙළ ජය ලබා රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීම නොවේද?

උසස් පෙළට උසස් ප‍්‍රතිපල හිමි වුවත් ඔබට රජයේ විශ්ව විද්‍යාලයක (වෛද්‍ය පීඨ හෝ වෙනත්) අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුවහොත් ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑකර ගැනීමට යම් මුදලක් වැයකොට පෞද්ගලික විශ්ව විද්‍යාලයක් හරහා ලබා ගැනීම ඔබ සතූ මූලික අයිතියකි.

අප රටේ උසස් පෙළ සමත් සිසුන්ගෙන් රජයේ විශ්ව විද්‍යාල වරම් හිමි කරගන්නේ 23%ක් වැනි සුලූ කොටසක් වන අතර ඉතිරි 77% සුදුසුකම් ඇතුවත් රජයේ විශ්ව විද්‍යාල වරම් අහිමිය.

ඔවුන් බොහෝ දෙනෙක් තම උපාධි අපේක්ෂා සපුරා ගනුයේ පෞද්ගලික විශ්ව විද්‍යාල හරහාය.

අන්තරය යැයි කියා ගනිමින් දේශපාලන අතකොලූවක් බවට පත් වූ සුළු කොටසක් ව්ශාල කඩාකප්පල්කාරී වැඩ පිළිවෙලක් ගෙන යන්නේ මෙම බහුතරය වන 77% වූ සිසුන්ගේ උසස් අධ්‍යාපන සහ උපාධි ලබා ගැනීමේ අවස්තාවන්ට විරුද්ධවය.




ඔබ මෙයට එකඟද?

රජයේ අනුග‍්‍රහය සහිත පෞද්ගලික විශ්ව විද්‍යාල අප රටේ නොමැති නම් වැඩිපුර අසාධාරණයට ලක් වන්නේ ඔබ වැනි නගරබද හෝ තදාසන්න ප‍්‍රදේශවල උසස් පෙළ ප‍්‍රථිපල ලැබූ නමුත් විශ්ව විද්‍යාල වරම් අහිමි සිසුන්ය.

මෙය ජීව විද්‍යා අංශයේ සිසුන්ට වැඩිපුරම බලපාන්නේ ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට පමණක් ඇති විරෝධය නිසාය.




ඇයි අපේ රටට පමණක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අකැප?

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පමණක් පවත්වාගෙන යාමට විරුද්ධව අප රට තුළ පමණක් විශාල බලවේග ඉතා තදින් ක‍්‍රියාත්මක වේ.

නමුත් සුදුසුකම් සහිත සිසුන් නොදන්නා දේශයක, දෙමව්පියන්ගෙන් ඈත්වී විශාල මුදලක් වැය කර ලංකවේ වෛද්‍ය විද්‍යාලවල ප‍්‍රමිතියට වඩා ඉතා අඩු ප‍්‍රමිතියක් ඇති, එහෙත් වෛද්‍ය සභාව මගින් ප‍්‍රමිතියක් ඇතැයි පිළිගෙන ඇති වෛද්‍ය උපාධිය පිළිගැනීමට මෙම බලවේග මෙහෙයවන්නන් මැලි නැත.


මෙය ජීව විද්‍යා විෂය හදාරන සිසුන් හට වන බලවත් අසාධාරණයකි.

අන්තගාමීන් ක‍්‍රියා කරනුයේ අප රටේ ඇති වී තිබෙන රජයේ අනුග‍්‍රහය සහිත අප රටේ සිසුන්ට ඇතුලත් විය හැකි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඔබ සැම නොමග යවා වසා දමා, උසස් පෙළට උසස් ප‍්‍රතිපල සහිත නමුත් රජයේ වෛද්‍ය පීඨ හෝ වෙනත් පීඨ වලට ඇතුලත් වීමට නොහැකි වූ සිසුන්ට ලංකාව තුල ඇති එකම අවස්ථාව නැති කර දැමීමය.

මෙවැනි වෛද්‍ය පීඨවල අධ්‍යාපනය ලැබීමට විදෙස් වෛද්‍ය විද්‍යාල මෙන් නොව ආර්ථික අපහසුකම් ඇති සිසුන් හට ශිෂ්‍යත්ව, පහසු ගෙවීම් සහ බැංකු ණය පහසුකම් යටතේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාද සලසා ඇත.

මොවුන්ගේ මේ වෑයම විදෙස් වෛද්‍ය විද්‍යාලවලට සිසුන් යොමු කර කොමිස් වශයෙන් මුදල් අප‍්‍රමාණ ලෙස උපයා ගැනීමය.

මෙමගින් අප රටේ මුදල් පිට රටට ඇදී යන ප‍්‍රමාණය අතිමහත්ය.

එබැවින් මෙම අන්තගාමී දේශපාලූවන්ගේ නොමග යැවීම් වලට නොරැුවටි ඔබගේ අනාගතය දීපතිමත් කර ගැනීමට අදිටන් කර ගන්න.