සයිටම් (SAITM) යනු ලාභය පරමාර්ථයෙන් පමණක් කි‍්‍රයාත්මක ව්‍යාපාරික ආයතනයක් ද?
සයිටම් යනු ලාභ ලැබීමේ පරමාර්ථය පමණක් ඇති ආයතනයක් බවට වන චෝදනා පදනම් විරහිතය. උපයන ආදායම කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇති ප‍්‍රතිවිරෝධී පාර්ශ්ව, මෙවැනි ආකාරයේ ව්‍යාපෘතියක් කළමනාකරණය කිරීම සඳහා ඊට කරනු ලැබූ ප‍්‍රාග්ධන ආයෝජනය හා මෙහෙයුම් වියදම නොසලකා හැරීම හෝ එළිදරව් කිරීමෙන් වැලකී සිටී.
රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාලයක් පවත්වාගෙන යෑමෙන් අත්වන ජාතික මට්ටමේ ප‍්‍රතිලාභ අතර, විදේශීය වෛද්‍ය විද්‍යාලවලදී අධ්‍යාපනය ලැබීම සඳහා රටින් පිටවන රු.මිලියන ගණනාවක් වන මුදල රටට ඉතිරි වීම, ශී‍්‍ර ලංකාවෙන් පිටතට සිදු වන බුද්ධි ගලනය පාලනය කිරීමට හැකියාවක් ලැබීම, සුදුසුකම් සහිත තරුණ තරුණියන්ට දේශීයව වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ නිදහස හිමි වීම, රටෙහි දැනට පවතින වෛද්‍යවරුන්ගේ උග‍්‍ර හිඟයට පිළියමක් ලැබීම සහ උදා කෙරෙන රැකියා අවස්ථා ද වේ.
ශිෂ්‍යත්ව මත හෝ ශිෂ්‍ය ණය ක‍්‍රම යටතේ සිසු සිසුවියන් ඇතුලත් කර ගැනීමට සයිටම් විවෘතව පවතී. මුදල් දුෂ්කරතාවලට මුහුණ පා සිටින මෙන්ම යෝග්‍ය සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම සයිටම් සිදු කරන අතර, මෙතෙක් රු. මිලියන 500ක් පමණ වටිනා එවැනි ශිෂ්‍යත්ව ලබා දී ඇත.
සයිටම් හි සහ එහි සිසුසිසුවියන්ගේ අනාගතය ශක්තිමත් කිරීමේ අරමුණින් 2011 සැප්තැම්බර් 29 වැනිදා භාරකාර අරමුදලක් පිහිටුවනු ලැබීය. සයිටම් හි කොටස්කරුවන්ගේ වටිනාකමින් සියයට 51ක් එම භාරකාර අරමුදල යටතට පත් කොට තිබේ.
තිරසාරභාවය හා ස්ථායිතාව සහතික කිරීමේ අරමුණින් සයිටම් හි කොටස් 51%ක් භාරකාර අරමුදලකට ලබා දී ඇත. භාරකාර අරමුදල වෙනුවෙන් තමන් හිමිකම් දරන කොටස්වලින් නිදහස් වීමට භාරකරුවන් කිසියම් දිනෙක ඒකමතිකව තීරණය කරන්නේ නම්, භාරකරුවන් එම සියළුම කොටස්වලින් නිදහස් විය යුතු වන අතර (කොටස්වලින් කිසියම් ප‍්‍රමාණයක් නොව), එම කොටස් ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට පැවරිය යුත්තේ, කිසිදු මුදලකට නොවන අතර, ඉන් පසුව භාරකාර අරමුදල විසුරුවා හරිනු ලැබේ.
කිසියම් සැකයක් ඇති වීම වලක්වා ගැනීම සඳහා, ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම හැරෙන්නට අන් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෝ එම කොටස් පැවරීමට භාරකරුවන්ට කිසිදු අවස්ථාවක බලයක් පවරා දී නොමැත.
නෙවිල් ප‍්‍රනාන්දු ශික්ෂණ රෝහල ආසන්නයේ වෙසෙන ආර්ථිකමය වශයෙන් අවාසිදායක අඩියක සිටින ප‍්‍රජාවන්ගේ සෞඛ්‍ය මට්ටම නඟාසිටුවීම වෙනුවෙන් නොමිලේ හා සහනදායී මිල ගණන් යටතේ සෞඛ්‍ය සේවා ලබා දීම සිදු කෙරේ. සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ නොමිලේ වැඩමුළු හා වෛi කඳවුරු පැවැත්වීම ද නෙවිල් ප‍්‍රනාන්දු ශික්ෂණ රෝහල සිදු කරයි.