Wednesday, February 8, 2017

එම්බීබීඑස් (MBBS) උපාධි පාඨමාලාවක් පැවැත්වීමට සයිටම් හට නිත්‍යානුකූල අවසරය තිබේද?



ආරම්භයේදී රුසියාවේ නිස්නි නොව්ගොරොඞ් රාජ්‍ය වෛද්‍ය විද්‍යාලය සමඟ සම්බන්ධ වී එම්ඞී(MD) උපාධි පාඨමාලාවක් පැවැත්වීම සඳහා වන ‘ඒකාබද්ධ වැඩසටහනක්’ (Twinning Programme) සයිටම් (SAITM) හි කි‍්‍රයාත්මක විය. (Image 2.1)



'ඉන් පසුව, 2010 වසරේදී එවකට ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ සභාපතිතුමිය විසින් එවකට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට නිර්දේශ කළේ, සයිටම්(SAITM) පවත්වාගෙන යා හැකි එකම විසඳුම උපාධි ප්‍රදානය කරන ආයතනයක් ලෙස බවයි.' 
(Image 2.1)

වර්ෂ 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතෙහි 70 සී ඡේදයට සහ පසුව ඊට කරනු ලැබූ සංශෝධනවලට අනුකූලව නිර්දේශ ලබාගත් උසස් අධ්‍යාපන අමාත්‍යංශය, 2011-08-30 දිනැති අංක 1721/19 දරන ගැසට් පත‍්‍රයට අනුව 2011 අගෝස්තු 30 වැනිදාට පසුව ලියාපදිංචිය ලබන සිසු සිසුවියන්ට එම්බීබීඑස් (MBBS) උපාධි ප‍්‍රදානය කිරීමට සයිටම් (SAITM) හට පිළිගැනීම ලබා දුන්නේය.

අංක 1829/36 දරන 2013-09-26 දිනැති ගැසට් පත‍්‍රයට අනුව, 2009 සැප්තැම්බර් මාසයේ සිට 2011 වසර දක්වා කාලයේදී බඳවා ගත් සිසු සිසුවියන්ට ද එම්බීබීඑස්(MBBS) උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දෙනු ලැබීය.

වෛද්‍ය ආඥා පනත

(උපාධි ප්‍රදානය කරන ආයතනයක් ලෙසින් සයිටම් ආයතනට අවසර ලැබීම)


(රුසියාවේ නිස්නි නොව්ගොරොඩ් රාජ්‍ය විශ්ව විද්‍යාලය විසින් 2016 ජුලි 27වන දින සයිටම් වෙත එවන ලද ලිපිය.) 


( Image 2.1 : 2016 ජුලි 17වන දින නිස්නි නොව්ගොරොඩ් රාජ්‍ය වෛද්‍ය විද්‍යාලය විසින් එවන ලද ලිපිය. එහි සඳහන්ව ඇත්තේ 2009 ඔවුන් සමග අත්සන් කල ගිවිසුම තවදුරටත් වලංගු බවයි.)

(Image 2.1 : ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්‍ය ලලිතා මෙන්ඩිස් මිය විසින් දන්වනු ලැබූ නිර්දේශයන්)

(Image 2.1 : ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පනත අනුව උපධි පිරිනමන ආයතනයක් සතුව ඇති බලතල - Universities Act - Part IX-A )

(Image 2.2 : 2011-08-30 දිනැති අංක 1721/19 දරන ගැසට් පත්‍රය)

(Image 2.2 : 2013-09-26 දිනැති අංක 1829/36 දරන ගැසට් පත්‍රය)