1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 70 වැනි ඡේදයට අනුකූලව, සයිටම් හි සිසු සිසුවියන් බඳවා ගැනීම් හා පාඨමාලා සියල්ල 2013 අගෝස්තු මාසය තෙක් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සම්පූර්ණ අධීක්ශණයට යටත්ව සහ පසුව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂිත බලධාරියා විසින් දැඩි සුපරීක්ෂාවට ලක්ව සිදු කෙරේ.
(https://www.facebook.com/FFE.SriLanka/videos/1083801654991114/)
සයිටම් එම්බීබීඑස් (MBBS) උපාධි පාඨමාලාව සඳහා සිසුන් බඳවාගන්නා ආකාරය
සයිටම් කි‍්‍රයාත්මක වන පාලන ව්‍යුහය යටතේ, සියළුම සිසු සිසුවියන්ගේ බඳවා ගැනීම් විශේෂිත බලධාරියා වන උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව සිදු කෙරේ. සයිටම් වෙත බඳවා ගැනීමේ සුදුසුකම් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම නියම කර ඇති අවම සුදුසුකම්වලට වඩා ඉහළින් පවතී. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිශන් සභාව ශිෂ්‍යයෙක් උසස් පෙළ සමත් යයි අනුමත කරණ අවම සුදුසුකම S සාමාර්ථ 3ක් තිබීමයි. යාපනය විශ්ව විද්‍යාලයේ පවා උසස් පෙළට S සාමාර්ථ 3ක් ලබා ගත් සිසුන් වෛද්‍ය විද්‍යාව හදාරා තිබේ. එහෙත් සයිටම් ආයතනය එම්බීබීඑස් වෛද්‍ය උපාධිය සඳහා බඳවා ගන්නා අවම සුදුසුකම වන්නේ ජීව විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළ සඳහා C සාමාර්ථ 2 ක් සහ S සාමාර්ථයක් තිබීමයි. ලන්ඩන් උසස් පෙළට අනුව එය සමාන වන්නේ ජීව විද්‍යා අංශයෙන් C සාමාර්ථ 2ක් සහ D සාමාර්ථයකටය. විශේෂිත බලධාරියාගේ අනුමැතියකින් තොරව සයිටම් හි එම්බීබීබීස් උපාධි පාඨමාලාව සඳහා කිසිදු වෛද්‍ය සිසුවෙකු හෝ සිසුවියක බඳවා නොගැනේ.
එම්බීබීඑස් (MBBS) උපාධි පාඨමාලාවට බඳවාගනු ලබන සියළුම සිසු සිසුවියන්ගේ අධ්‍යාපන සුදුසුකම් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම නියම කර ඇති ඇතුළත්වීමේ සුදුසුකම් සමඟ අනුකූල වේ. බඳවා ගැනීමේ අවසාන සම්මුඛ පරීක්ෂණය මුලින්ම සිදු කරනු ලැබූයේ, එවකට විශේෂිත බලධාරියා ලෙසින් නම් කොට සිටි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙහි නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතිවයි. විශේෂිත බලධාරියා ලෙසින් පසුව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පත් වූයේ, 2013 අගෝස්තු 22 දිනැති අංක 1824/21 දරන ගැසට් නිවේදනයට අනුවයි.
එම්බීබීඑස් (MBBS) වැඩසටහනට ලියාපදිංචිය ලැබූ සියළුම සිසු සිසුවියන් මෙරට ජීව විද්‍යා අංශයෙන් අපොස උසස් පෙළ විභාගය හෝ තෝරාගැනීම් පිළිබඳ විශේෂිත බලධාරියා වන අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් විසින් අනුමත කළ අපොස උසස් පෙළ විභාගයට සමාන සුදුසුකමක් සහිත පිළිගත් විභාගයකින් සමත් වූවන් බව සයිටම් ආයතනය ඉතාමත් වගකීමෙන් ප‍්‍රකාශකර සිටී’.
උපාධි වැඩසටහන් පැවැත්වීම හා විභාග
සයිටම් හි සියළුම විභාග මණ්ඩල සමන්විත වන්නේ සයිටම් හි අභ්‍යන්තර කථිකාචාර්ය මණ්ඩලයෙන් සහ බාහිර පරීක්ෂකයින්ගෙනි. අවසන් වසරේ සිසු සිසුවියන් සඳහා පවත්වන අවසාන විභාගයට බාහිර පරීක්ෂකයින් ලෙසින් රාජ්‍ය වෛද්‍ය පීඨ මහාචාර්යවරුන් හා රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් කටයුතු කළේය. ඊට අමතරව සයිටම් හි මහාචාර්යවරුන් හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ද අවසන් විභාග සඳහා සහභාගී වේ. විසි හතර දෙනෙකුගෙන් සමන්විත වූ අප පළමු වෛද්‍ය ශිෂ්‍ය සොයුරු සොයුරියන් කණ්ඩායමෙන් 19 දෙනෙකු අවසන් එම්බීබීඑස් (MBBS) විභාගය සාර්ථක ලෙස සමත් වූහ.
ආචාර්ය මණ්ඩලය
විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ප‍්‍රකාශයට පත් කරන ලද ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාල පිළිබඳ සංඛ්‍යාලේඛණවලට අනුව, 2015 දෙසැම්බර් මාසය වන විට සයිටම් හි ඉගැන්වීම් සිදු කළ ආචාර්ය මඩුල්ලෙහි සුදුසුකම් හා ප‍්‍රමිතිය රාජ්‍ය සරසවිවල වෛද්‍ය විද්‍යා පීඨවල ආචාර්ය මඩුලූවලට සමානව හෝ ඊටත් ඉහළින් පැවතිණි. සම්පූර්ණ ආචාර්ය මණ්ඩලය 194 දෙනෙකුගෙන් යුක්ත වූ අතර, ඊට මහාචාර්යවරුන් 19 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් 76 දෙනෙකු හා කථිකාචාර්යවරුන් 59 දෙනෙකු ද ඇතුලත් වේ.
උදාහරණයක් ලෙස, පහත සඳහන් රාජ්‍ය විශ්ව විද්‍යාල වෛද්‍ය විද්‍යා/සෞඛ්‍ය විද්‍යා පීඨවල ආචාර්ය මඩුලූ මේ ආකාරයට වේ.
රජරට විශ්ව විද්‍යාලය - 71 නැගෙනහිර විශ්ව විද්‍යාලය - 53 යාපනය විශ්ව විද්‍යාලය - 73
විශ්වවිද්‍යාල දත්ත - 2015, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම - උපුටා ගැනීමකි
විෂය මාලාව සහ පහසුකම්
එම්බීබීඑස් (MBBS) වැඩසටහන සඳහා වන විෂය මාලාව හා විෂය නිර්දේශය සකසා ඇත්තේ, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ප‍්‍රසිද්ධියට පත් කොට, එම කොමිසමේ සමාලෝචන කමිටුවෙහි පරීක්ෂාවට හා අනුමැතියට ලක් කර ඇති මිණුම් ප‍්‍රකාශනයට අනුකූලවයි.
සයිටම් හි ඇති පහසුකම් උසස්ම ප‍්‍රමිතියේ ඒවා වන අතර, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම නියම කර ඇති උපමානවලට ඒවා අනුකූල වේ. එම පහසුකම් අතරට විශාල ප‍්‍රමාණයේ දේශන ශාලා හයක්, මධ්‍යම ප‍්‍රමාණයේ දේශන ශාලා 14ක්, පන්ති කාමර 19ක්, විද්‍යාගාර 16ක්, විභාග ශාලා තුනක්, පුස්තකාලයක්, අන්තර්ජාල පහසුකම් ද සහිත අයි-මැක් (iMac) පරිගණක විද්‍යාගාරයක්, පරිගණක විද්‍යාගාර තුනක්, වෛද්‍ය මධ්‍යස්ථානයක්, ආපන ශාලා පහසුකම්, ගෘහස්ථ ක‍්‍රීඩාගාරයක්, මෘත ශරීරාගාරයක්, කෞතුකාගාරයක්, 550 දෙනෙකුට පහසුකම් ඇති ශ‍්‍රවණාගාරයක් හා කියැවීමේ කාමර අයත් වේ.
විශේෂිත බලධාරියා විසින් නියම කරන ඕනෑම විභාගයකට පෙනී සිටීම සඳහා සිසු සිසුවියන් ඉදිරිපත් කිරීමට සයිටම් කැමැත්ත පළ කර සිටින අතර, ලබා දෙන අධ්‍යාපනයේ ඉහළ ප‍්‍රමිතිය හේතුවෙන් අපි ඉතා හොඳින් එවැනි විභාගවලදී ප‍්‍රතිඵල පෙන්වීමට සැදී පැහැදී සිටිමු.