Monday, January 30, 2017

SAITM ආයතනයේ උසස් පෙළ අසමත් සිසුන් MBBS උපාධිය හදාරනවාද?

ඇතැමුන් විසින් SAITM ආයතනයේ සිසුන් දෙදෙනෙකුගේ ලියාපදිංචි අංක දෙකක් සමාජ ජාලා වෙබ් අඩවි වල පතුරවා හරිමින් ඔවුන් උසස් පෙළ අසමත් යැ‍යි ප්‍රචාරයක් ගෙන යමින් සිටියි. මොවුන් පවසන ආකාරයට සයිටම් ආයතනයේ MBBS උපාධිය සඳහා උසස් පෙළ අසමත් කිසිඳු ශිෂ්‍යයෙකු බඳවා නොගැනේ.

MBBS උපාධිය සඳහා සිසුන් බඳවා ගැනෙන්නේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරා 2C 1Sට වඩා උසස් ප්‍රථිපලයක් අත්කර ගත් සිසුන්ය. (රාජ්‍ය විශ්ව විද්‍යාලවල අවම සුදුසුකම 3Sක් වන අතර 2006 වසරේ යාපනය විශ්ව විද්‍යාලයේ S3ක් ලබා ගත් සිසුවෙකු අධ්‍යාපනය ලබා ඇත. වර්ථමානයේද එවැනි සිසුන් ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකුගේ ප්‍රථිපලද C2 S1ක් වේ.)

Wednesday, January 25, 2017

අධ්‍යාපනයේ නිදහස උපනූපන් දරුවන්ගේ අයිතියකි

අධ්‍යාපනයේ නිදහස උපනූපන් දරුවන්ගේ අයිතියකි

උසස් පෙළ විභාගයෙන් සමත්වන, උසස් අධ්‍යාපනයට සුදුසුකම් සපුරාලන සියලූ දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට අයිතිය ඇත.

උසස් අධ්‍යාපනයට වරම් ලබන සියලූ සිසුන්හට උසස් අධ්‍යාපන වරම් ලබා දීමට ආණ්ඩුවට නොහැකිය. එබැවින් පෞද්ගලික විශ්ව විද්‍යාල අත්‍යාවශ්‍යය.

අද වන විට ලංකාවේ වෛද්‍ය උපාධිය හැර අනෙකුත් සියලූම උපාධි ලබාදෙන පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි වී ඇත. වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට වරම් නොලැබූ සැලකිය යුතු පිරිසක් තම දෙමාපියන්ගෙන් වෙන්ව විදේශ රටවල ප‍්‍රමිතියකින් තොර උපාධි ආයතනවලින් අනේක දුක් විද වෛද්‍ය විද්‍යාව හදාරන බව ඔබ දන්නේද? 


Tuesday, January 24, 2017

ආදරර්‍ණය නංගියේ මල්ලියේ..

ආදරර්‍ණය නංගියේ මල්ලියේ..

ඔබගේ මේ වෑයම සහ එ්කායන පරමාර්ථය නම් උසස් පෙළ ජය ලබා රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීම නොවේද?

උසස් පෙළට උසස් ප‍්‍රතිපල හිමි වුවත් ඔබට රජයේ විශ්ව විද්‍යාලයක (වෛද්‍ය පීඨ හෝ වෙනත්) අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුවහොත් ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑකර ගැනීමට යම් මුදලක් වැයකොට පෞද්ගලික විශ්ව විද්‍යාලයක් හරහා ලබා ගැනීම ඔබ සතූ මූලික අයිතියකි.

අප රටේ උසස් පෙළ සමත් සිසුන්ගෙන් රජයේ විශ්ව විද්‍යාල වරම් හිමි කරගන්නේ 23%ක් වැනි සුලූ කොටසක් වන අතර ඉතිරි 77% සුදුසුකම් ඇතුවත් රජයේ විශ්ව විද්‍යාල වරම් අහිමිය.

ඔවුන් බොහෝ දෙනෙක් තම උපාධි අපේක්ෂා සපුරා ගනුයේ පෞද්ගලික විශ්ව විද්‍යාල හරහාය.

අන්තරය යැයි කියා ගනිමින් දේශපාලන අතකොලූවක් බවට පත් වූ සුළු කොටසක් ව්ශාල කඩාකප්පල්කාරී වැඩ පිළිවෙලක් ගෙන යන්නේ මෙම බහුතරය වන 77% වූ සිසුන්ගේ උසස් අධ්‍යාපන සහ උපාධි ලබා ගැනීමේ අවස්තාවන්ට විරුද්ධවය.




ඔබ මෙයට එකඟද?

රජයේ අනුග‍්‍රහය සහිත පෞද්ගලික විශ්ව විද්‍යාල අප රටේ නොමැති නම් වැඩිපුර අසාධාරණයට ලක් වන්නේ ඔබ වැනි නගරබද හෝ තදාසන්න ප‍්‍රදේශවල උසස් පෙළ ප‍්‍රථිපල ලැබූ නමුත් විශ්ව විද්‍යාල වරම් අහිමි සිසුන්ය.

මෙය ජීව විද්‍යා අංශයේ සිසුන්ට වැඩිපුරම බලපාන්නේ ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට පමණක් ඇති විරෝධය නිසාය.