Thursday, February 9, 2017

මාලබේ වෛද්‍ය විද්‍යාලය ගැන ඇත්ත දැන ගන්න


ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු සිටින්නේ 1300 දෙනෙකුට එක් අයෙක් පමණි. මෙය ලෝකයේ අනෙක් බොහෝ රටවල් හා සැසඳීමෙදී ඉතාම අඩු වෛද්‍යවරු ප්‍රමාණයකි. මේ නිසා ඉතා අසාධාරණ ලෙස ඒකාධිකාර්යක් නිර්මාණය කරගනිමින් සිය කේවල් කිරීමේ හැකියාව ඉහලම අගයක තබා ගැනීමට වෛද්‍ය සංගම් සහ වෛද්‍ය වෘත්තීය සමිති උත්සාහ ගනී. අලුතෙන් වෛද්‍යවරු ක්ෂේත්‍රයට එක්වීම සිය ඒකාධිකාර්ය පවත්වාගෙන යාමට මරු පහරකි. මේ හේතුව නිසා වෛද්‍ය වෘත්තියේ ගුණාත්මක භාවය රැකගැනීමට සිටින සංවිධාන යයි කියා ගන්නා මෙම මාෆියා කණ්ඩායම් සිය ඒකාධිකාර්ය පවත්වා ගැනීමට අසරණ ඔබ වැනි මහජනතාගේ ජීවිත බිල්ලට ගනිමින් බොරු කටකතා ගොතමින් ගෙනයන කුහක ක්‍රියා මාර්ගය දෙස සාවදානව බලන්න.

Wednesday, February 8, 2017

එම්බීබීඑස් (MBBS) උපාධි පාඨමාලාවක් පැවැත්වීමට සයිටම් හට නිත්‍යානුකූල අවසරය තිබේද?



ආරම්භයේදී රුසියාවේ නිස්නි නොව්ගොරොඞ් රාජ්‍ය වෛද්‍ය විද්‍යාලය සමඟ සම්බන්ධ වී එම්ඞී(MD) උපාධි පාඨමාලාවක් පැවැත්වීම සඳහා වන ‘ඒකාබද්ධ වැඩසටහනක්’ (Twinning Programme) සයිටම් (SAITM) හි කි‍්‍රයාත්මක විය. (Image 2.1)

Tuesday, February 7, 2017

සයිටම් (SAITM) ලබා දෙන අධ්‍යාපනයේ ප‍්‍රමිතිය පිළිබඳව සහතිකය



1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 70 වැනි ඡේදයට අනුකූලව, සයිටම් හි සිසු සිසුවියන් බඳවා ගැනීම් හා පාඨමාලා සියල්ල 2013 අගෝස්තු මාසය තෙක් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සම්පූර්ණ අධීක්ශණයට යටත්ව සහ පසුව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂිත බලධාරියා විසින් දැඩි සුපරීක්ෂාවට ලක්ව සිදු කෙරේ.

(https://www.facebook.com/FFE.SriLanka/videos/1083801654991114/)

Monday, February 6, 2017

සයිටම් හි සායනික පුහුණු වැඩසටහන එහි එම්බීබීඑස් (MBBS) වැඩසටහනට ප‍්‍රමාණවත් ද?


වෛද්‍ය විද්‍යාව, ශල්‍ය වෛද්‍ය විද්‍යාව, ප‍්‍රසව හා නාරිවේද විද්‍යාව හා ළමා රෝග විද්‍යාව සඳහා නියමිත සායනික පුහුණුව සපයනු ලබන්නේ වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු ශික්ෂණ රෝහල විසින් වන අතර, එම එක් එක් ක්ෂේත‍්‍රය සඳහා ඇඳන් 100කින් සමන්විත මහාචාර්ය ඒකක ද පවතී. මනෝ චිකිත්සාව (Psychology), හෘද රෝග චිකිත්සාව (Cardiology), විකිරණවේදය (Radiology), ඇස-කණ-නාසය(ENT), ඇතුළු අනෙකුත් සියළු අංශ තුළ සායනික පුහුණුව සඳහා ද එම රෝහලෙන් පහසුකම් සැපයේ. එහි ඇති රෝග විනිශ්චය සඳහා තිබෙන නවීනතම උපකරණ අතර සීටී (CT) සහ එම්ආර්අයි (MRI) ස්කෑන් තාක්ෂණය ද වේ.

ඊට අමතරව, පෞද්ගලික රෝහල්, කඩුවෙල ප‍්‍රජා සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා අවිස්සාවේල්ල මූලික රෝහල විසින් පිළිවෙලින් ප‍්‍රජා වෛද්‍ය විද්‍යාව සහ අධිකරණ වෛද්‍ය විද්‍යාව සඳහා ලබා දෙන සායනික පුහුණුව ප‍්‍රමාණවත් වන අතර, සයිටම් වෙතින් උපාධිය ලබන සිසු සිසුවියන්ට සීමාවාසික වෛද්‍යනිලධාරීන් ලෙසින් තම රාජකාරි ඉටු කිරීම සඳහා ප‍්‍රමාණවත් ලෙසින් හැකියාව පවතී.

බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සමඟ සයිටම් 2011.04.27 දාතමින් යුත් අවබෝධතා ගිවිසුමකට එළැඹ, කලින් ගිවිසගත් රෝහල්වලට අප සොහොයුරු සිසු සිසුවියන් යවනු ලැබූවද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් විසින් පැවැත්වුණු උද්ඝෝෂණ නිසා ඔවුන් නීතිවිරෝධීව හා අනිසි ලෙසින් නැවත හරවා එවනු ලැබීය. සයිටම් හි සිසු සිසුවියන්ට එම රෝහල්වලදී පුහුණුව ලබා දීමට අවසර දීම ප‍්‍රතික්ෂේප කළ එම සංගමය වැඩ වර්ජනය කරන බවට අනතුරු අඟවා සිටි අතර, ශිෂ්‍ය සංගම් හා එක්ව විරෝධතා ද පැවැත්වීය.

රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ අසාධාරණ හා වෙනස් ලෙස සැලකුමට ලක් වූ සයිටම් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කළේ, S C Appl. No:208/2014 දරන පෙත්සම හරහායි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එළඹී තීරණයට අනුව, රාජ්‍ය රෝහල්වලදී පුහුණුව ලැබීමට සයිටම් හි සිසු සිසුවියන්ට ඇති අයිතිය සහතික කෙරිණි.

රජයේ රෝහල්වල පුහුණුව ලබන සෑම සිසු සිසුවියක සඳහාම රජයට ගෙවීම් සිදු කරන බව සයිටම් අවධාරණය කර සිටී. මේ වන විට පහත සඳහන් රාජ්‍ය රෝහල්වලදී සිසු සිසුවියන් පුහුණු කටයුතු සඳහා සහභාගී වේි.


  • අධිකරණ වෛද්‍ය විද්‍යාව, - අවිස්සාවේල්ල මූලික රෝහල


  • ප‍්‍රජා වෛද්‍ය විද්‍යාව සඳහා වන ක්ෂේත‍්‍ර වැඩ කටයුතු - කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය


  • මානසික සෞඛ්‍යය (පුනරුත්ථාපනය ද ඇතුළුව) - මනෝ චිකිත්සා ඒකකය, අවිස්සාවේල්ල මූලික රෝහල


තම සිසු සිසුවියන්ට වැඩිදුරටත් රාජ්‍ය රෝහල් වල ප‍්‍රායෝගික සායනික පුහුණුව ලබා දීම සඳහා තවත් රාජ්‍ය රෝහල්වලින් ඉඩකඩ ලබා දෙන්නේ නම් සයිටම් එය ඉතා කැමැත්තෙන් භාර ගනී. රාජ්‍ය රෝහල්වලදී ලබා ගන්නා එම පුහුණුව සඳහා ගෙවීම් සිදු කරන අතර, එවැනි ගෙවීම් අප‍්‍රමාදව සිදු කර ඇති බවත්, ඉදිරියේදී ද එය එසේම සිදු වනු ඇති බවත් සයිටම් මෙහිදී අවධාරණය කර සිටී.

Sunday, February 5, 2017

සයිටම් (SAITM) යනු ලාභය පරමාර්ථයෙන් පමණක් කි‍්‍රයාත්මක ව්‍යාපාරික ආයතනයක් ද?



සයිටම් යනු ලාභ ලැබීමේ පරමාර්ථය පමණක් ඇති ආයතනයක් බවට වන චෝදනා පදනම් විරහිතය. උපයන ආදායම කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇති ප‍්‍රතිවිරෝධී පාර්ශ්ව, මෙවැනි ආකාරයේ ව්‍යාපෘතියක් කළමනාකරණය කිරීම සඳහා ඊට කරනු ලැබූ ප‍්‍රාග්ධන ආයෝජනය හා මෙහෙයුම් වියදම නොසලකා හැරීම හෝ එළිදරව් කිරීමෙන් වැලකී සිටී.

Wednesday, February 1, 2017

SAITM සිසුන්ට සීමාවාසික පුහුණුව සඳහා අවසර

ශ්‍රී ලංකාව තුල නීත්‍යානූකූලව ස්ථාපිත කර ඇති ආයතනයක් වන සයිටම් ආයතනයේ උපාධි පාඨමාලාව අවසානයේ පවත්වන ලබන අවසාන විභාගය රජයේ විශ්ව විද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්වන්නකි.

මෙම විභාගය අවසානයේ සයිටම් සිසුන් විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඉල්ලා එම අයදුම් පත්‍රය ඉදිරිපත් කළ විට ඔවුන් විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී.

එය අභියෝගයට ලක් කරමින් සයිටම් සිසුවියක් විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව අභියාචනාදිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන ලදි.

සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් 2017 ජනවාරි 31 වන දින තීන්දුවක් දෙන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉහත කී අයදුම් පත්‍රය පිළිගත යුතුය.

සම්පූර්ණ නඩු වාර්ථාව පහත ලින්ක් එකන් ලබා ගන්න:
https://www.facebook.com/pg/SAITMofficial/photos/?tab=album&album_id=1185506871548235


Monday, January 30, 2017

SAITM ආයතනයේ උසස් පෙළ අසමත් සිසුන් MBBS උපාධිය හදාරනවාද?

ඇතැමුන් විසින් SAITM ආයතනයේ සිසුන් දෙදෙනෙකුගේ ලියාපදිංචි අංක දෙකක් සමාජ ජාලා වෙබ් අඩවි වල පතුරවා හරිමින් ඔවුන් උසස් පෙළ අසමත් යැ‍යි ප්‍රචාරයක් ගෙන යමින් සිටියි. මොවුන් පවසන ආකාරයට සයිටම් ආයතනයේ MBBS උපාධිය සඳහා උසස් පෙළ අසමත් කිසිඳු ශිෂ්‍යයෙකු බඳවා නොගැනේ.

MBBS උපාධිය සඳහා සිසුන් බඳවා ගැනෙන්නේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරා 2C 1Sට වඩා උසස් ප්‍රථිපලයක් අත්කර ගත් සිසුන්ය. (රාජ්‍ය විශ්ව විද්‍යාලවල අවම සුදුසුකම 3Sක් වන අතර 2006 වසරේ යාපනය විශ්ව විද්‍යාලයේ S3ක් ලබා ගත් සිසුවෙකු අධ්‍යාපනය ලබා ඇත. වර්ථමානයේද එවැනි සිසුන් ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකුගේ ප්‍රථිපලද C2 S1ක් වේ.)

Wednesday, January 25, 2017

අධ්‍යාපනයේ නිදහස උපනූපන් දරුවන්ගේ අයිතියකි

අධ්‍යාපනයේ නිදහස උපනූපන් දරුවන්ගේ අයිතියකි

උසස් පෙළ විභාගයෙන් සමත්වන, උසස් අධ්‍යාපනයට සුදුසුකම් සපුරාලන සියලූ දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට අයිතිය ඇත.

උසස් අධ්‍යාපනයට වරම් ලබන සියලූ සිසුන්හට උසස් අධ්‍යාපන වරම් ලබා දීමට ආණ්ඩුවට නොහැකිය. එබැවින් පෞද්ගලික විශ්ව විද්‍යාල අත්‍යාවශ්‍යය.

අද වන විට ලංකාවේ වෛද්‍ය උපාධිය හැර අනෙකුත් සියලූම උපාධි ලබාදෙන පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි වී ඇත. වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට වරම් නොලැබූ සැලකිය යුතු පිරිසක් තම දෙමාපියන්ගෙන් වෙන්ව විදේශ රටවල ප‍්‍රමිතියකින් තොර උපාධි ආයතනවලින් අනේක දුක් විද වෛද්‍ය විද්‍යාව හදාරන බව ඔබ දන්නේද? 


Tuesday, January 24, 2017

ආදරර්‍ණය නංගියේ මල්ලියේ..

ආදරර්‍ණය නංගියේ මල්ලියේ..

ඔබගේ මේ වෑයම සහ එ්කායන පරමාර්ථය නම් උසස් පෙළ ජය ලබා රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීම නොවේද?

උසස් පෙළට උසස් ප‍්‍රතිපල හිමි වුවත් ඔබට රජයේ විශ්ව විද්‍යාලයක (වෛද්‍ය පීඨ හෝ වෙනත්) අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුවහොත් ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑකර ගැනීමට යම් මුදලක් වැයකොට පෞද්ගලික විශ්ව විද්‍යාලයක් හරහා ලබා ගැනීම ඔබ සතූ මූලික අයිතියකි.

අප රටේ උසස් පෙළ සමත් සිසුන්ගෙන් රජයේ විශ්ව විද්‍යාල වරම් හිමි කරගන්නේ 23%ක් වැනි සුලූ කොටසක් වන අතර ඉතිරි 77% සුදුසුකම් ඇතුවත් රජයේ විශ්ව විද්‍යාල වරම් අහිමිය.

ඔවුන් බොහෝ දෙනෙක් තම උපාධි අපේක්ෂා සපුරා ගනුයේ පෞද්ගලික විශ්ව විද්‍යාල හරහාය.

අන්තරය යැයි කියා ගනිමින් දේශපාලන අතකොලූවක් බවට පත් වූ සුළු කොටසක් ව්ශාල කඩාකප්පල්කාරී වැඩ පිළිවෙලක් ගෙන යන්නේ මෙම බහුතරය වන 77% වූ සිසුන්ගේ උසස් අධ්‍යාපන සහ උපාධි ලබා ගැනීමේ අවස්තාවන්ට විරුද්ධවය.




ඔබ මෙයට එකඟද?

රජයේ අනුග‍්‍රහය සහිත පෞද්ගලික විශ්ව විද්‍යාල අප රටේ නොමැති නම් වැඩිපුර අසාධාරණයට ලක් වන්නේ ඔබ වැනි නගරබද හෝ තදාසන්න ප‍්‍රදේශවල උසස් පෙළ ප‍්‍රථිපල ලැබූ නමුත් විශ්ව විද්‍යාල වරම් අහිමි සිසුන්ය.

මෙය ජීව විද්‍යා අංශයේ සිසුන්ට වැඩිපුරම බලපාන්නේ ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට පමණක් ඇති විරෝධය නිසාය.